තරු ගොසිප්

මව්බිමට ආඩම්බරයක් ගෙනා තවත් යුවතියක්.. මේ ඒ ගැන ඇසෙන කතාව

එදා ඇයට විශේෂ දවසක් වුණා..

ඇත්තෙන්ම ඒක හරිම ස්වර්ණමය දවසක.. ලාංකික යුවතියක් විදෙස් විශ්ව විද්‍යාලයක මේ වගේ අවස්ථාවක් දිනාගැනීමම ඇත්තෙන්ම භාග්‍යක්..

ඇය නමින් සලනි සෙනෙවිරත්න, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ හදාරන ශිෂ්‍යාවක් වූ ඇය 2025 වසරේ, තම ජ්‍යේෂ්ඨ සිසුන් අමතන්නට අවස්ථාව හිමිකරගත්තේ UMass Amherst හි අධ්‍යාපනය හදාරන අතරතුරයි..

ඊට අයදුම්පත් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබූ අතර, එහිදී ඇය සිසුන් විශාල පිරිසක් අතරින් එම අවස්ථාවට තේරීපත්වීම විශේෂත්වයක්.. එසේම මෙවැනි අවස්ථාවක් හිමිකරගත් පළමු ශ්‍රී ලාංකික සිසුවිය වන්නේද ඇයයි..

සලනි, මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ඇය මෙම සරවියේ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව හිමි කරගන්නේ 2021 වර්ෂයේදීයි.. ඇය මේ වනවිට අමෙරිකාවේ යාන්ත්‍රික ඉංජිනේරු සංගමයේ සාමාජිකත්වයද හිමිකරගත් තැනැත්තියක් වෙනවා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!