මට ආයේ ලේඩි සුපර් ස්ටාර් කියන්න එපා… නයනතාරා රසිකයින්ට කල ඇස් උඩ යන ඉල්ලීම මෙන්න…

මට ආයේ ලේඩි සුපර් ස්ටාර් කියන්න එපා… නයනතාරා රසිකයින්ට කල ඇස් උඩ යන ඉල්ලීම මෙන්න…

දමිළ සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන නයන්තාරා රසිකයන්ගෙන් ඉල්ලිමක් කරලා තිබ්බා.

 

එ තමයි තමන්ට මින් පසුව ලේඩි සුපර්ස්ටාර් යන නාමය භාවිතා කරන්න එපා කියලා.කාලාකරුවන්ට ප්‍රේක්ෂකයන් ගේ දැඩි ආදරය සහ ගරුත්වය නිසාම මෙවැනි නම් භාවිතා කිරිම ඉතාම සුලබ දෙයක්. උදාහරණ ලෙස තලෙයිවර් රැජිනිකාන්ත් , උලගනායගන් කමල් හසන් , ඩාර්ලින් ප්‍රභාෂ් , තලපති විජේ , නැචුරල් ස්ටාර් නානි , ක්වින් දිපිකා පදුකෝන් , අයිකන් ස්ටාර් අල්ලු අර්ජුන් මුලින්ම අල්ලුට හැදෙන්නේ ස්ටයිලිශ් අල්ලු අර්ජුන් කියලා පුෂ්පා එකෙන් පස්සේ අයිකන් ස්ටාර් අල්ලු අර්ජුන් වෙනවා , මක්කල් සෙල්වන් විජේ සේතුපති , තල අජිත් කුමාර් වගේ බොහෝ නම් තියෙනවා හැබැයි මේ දේවල් හරියටම තේරුම් ගත් අජිත් කුමාර් සහ කමල් හසන් දෙදෙනා පසුගිය වසරේ නිළ වශයෙන් දැනුම් දිමක් කරා තමන්ව අමතන්න මේ නම් නැවත භාවිතා නොකරන ලෙස. කවුරුත් ආසයි තමයි එහෙම කතා කරනවට හැබැයි ඔය ටයිටල් නිසාම ප්‍රේක්ෂකයන් ඉතාමත් ටොක්සික් ගති පැවතුම් ඇති අය බවට පත් වන්නේ ද එ නිරායාසයෙන්මයි. දමිළ සිනමාවේ තිදෙනෙක් මේ වනවිට ඔවුන්ට අයිති නැති ප්‍රේක්ෂකයා විසින් ඔවුන් අමතන නම් භාවිතා නොකරන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටියත් බොහෝ දෙනාගේ මතය වන්නේ බොලිවුඩයේ නම් කිසිදු දිනක එවැනි දෑ සිදු නොවන බවයි. නයන්තාරා අද දින සමාජ මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබු ලිපිය පහතින්

මගේ ආදරණීය රසිකයින්ට , ගෞරවනීය මාධ්‍ය සාමාජිකයින්ට සහ සිනමා සහෝදරවරුන්ට

රංගන ශිල්පිනියක් ලෙස මගේ ගමන සඳහා මගේ සියලු සතුට හා සාර්ථකත්වයේ මූලාශ්‍රවලට ස්තූති කරන අතරම මෙම සටහන ඔබට වැදගත් වේවි යැයි බලාපොරොත්තු වෙමි. මගේ ජීවිතය ඔබේ කොන්දේසි විරහිත ආදරය මගේ සාර්ථකත්වයේ දී මගේ උරහිසට තට්ටු කිරීම හෝ දුෂ්කරතා වලදී මා ඔසවා ගැනීමට ඔබේ අත දිගු කිරීම වේවා ඔබ සැමවිටම මා වෙනුවෙන් සිටියා.

ඔබගෙන් බොහෝ දෙනෙක් මට කරුණාවෙන් “ලේඩි සුපර් ස්ටාර්” ලෙස ආමන්ත්‍රණය කර ඇත එය ඔබගේ අපරිමිත සෙනෙහස නිසා උපන් මාතෘකාවකි. මේ වගේ වටිනා මාතෘකාවකින් ඔටුනු පළඳනවට මම ඔයාලා හැමෝටම ගොඩක් ණයයි. කොහොම වුණත් මට “නයනතාරා” කියලා කතා කරන්න කියලා මම ඔබ සැමගෙන් නිහතමානීව ඉල්ලා සිටිනවා. ඒ නම මගේ හදවතට වඩාත්ම සමීප බව මට හැඟෙන බැවිනි.

මාතෘකා සහ ප්‍රශංසා මිල කළ නොහැකි ය නමුත් ඒවා සමහර විට අපගේ වැඩවලින් අපගේ ශිල්පවලින් සහ අපි ප්‍රේක්ෂකයින් සමඟ බෙදා ගන්නා කොන්දේසි විරහිත බැඳීමෙන් අපව වෙන් කරන රූපයක් නිර්මාණය කළ හැකිය.

සියලු සීමාවන් ඔබ්බට අපව සම්බන්ධ කර තබන ආදරයේ භාෂාව අප සියල්ලන්ම බෙදාහදා ගන්නා බව මම විශ්වාස කරමි. අනාගතය අප සැමට අනපේක්ෂිත විය හැකි නමුත් ඔබගේ නොමැකෙන සහයෝගය අඛණ්ඩව පවතිනු ඇති අතර ඔබ විනෝදාස්වාදය සඳහා මගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම ගැන මම ඉතා සතුටු වෙමි.

සිනමාව යනු අපව එක්සත්ව තබා ගන්නා අතර අපි එය එකට සමරමු.

ගෞරවයෙන් සහ කෘතඥතාවයෙන් යුතුව “ලේඩි සුපර් ස්ටාර්” යන නාමයෙන් තොරව තමාව අමතන ලෙස නයන්තාරා සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *