රූගත කිරීම් වලට හරියට සහභාගි වුනේ නැති දුශේනිව මායාවි ටෙලියෙන් ඉවත් කරලා… මායාවි අධ්‍යක්ෂක මේ ගැන කියපු ඇස් උඩ යන කතාව මෙන්න…

රූගත කිරීම් වලට හරියට සහභාගි වුනේ නැති දුශේනිව මායාවි ටෙලියෙන් ඉවත් කරලා… මායාවි අධ්‍යක්ෂක මේ ගැන කියපු ඇස් උඩ යන කතාව මෙන්න…

මායාවී තුළින් දුෂේනි මියුරංගි ඉවත් කිරිම (වීම) පිලිබඳ සැබැ සිදුවිම

මෙි වන විට ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබෙින මායාවී ටෙලි නාට්‍ය තුළ ප්‍රධාන රංග ශිල්පිණිය ලෙස කටයුතු කළ දුෂේනි මියුරංගි දිගින් දිගටම ඇයගේ පෞද්ගලික ප්‍රශ්න මත රූපගත කිරීම් සඳහා නිසි පරිදි සහභාගි නොවීම හා මග හැරිම නිසා නිර්මාණයට සිදු වූ හානිය මත අවසන් වශයෙන් ඇය ඉවත් කිරිමට සිදුවිය. එය ඉවත් කිරීමකට වඩා ඇය විසින් ඉවත් වීමකි. ⁣⁣අදින් ඇරඹෙන සතියේ විකාශය වන කොටස් දැකීමෙන් එය ඔබට මනාව අවබෝධ වනු ඇත. ඇය වෙනුවෙන් අපි අවසාන තත්පරය තෙක්ම රූපගත කිරීම් නතර කොට බලා උන්නෙමු. නමුදු ඇය නිර්දය ලෙස මගහැර සිටියා ය. ඊට පෙරාතුව ද අප ඇගේ ඇතැම් නොකටයුතු දරා ගත්තේ මහත්‍ වූ ආයාසයෙනි.

ඒ සිදුවීම් වලින් එක් දෙයක් සරල වශයෙන් දක්වන්නේ නම් ඇය රූගත කිරීම් සඳහා වැන් රථයට ගොඩ වූ තැන සිට රූගත කිරීම් අවසන් වන තෙක් ඇගේ පෙමිවතා විසින් විඩියෝ ඇමතුම් වල රැඳී සිටිමින් රූගත කරන දර්ශන දෙස බලා සිට

# ඇය සංකල්පගේ අතින් ඇල්ලුවොත්
# වැලඳ ගැනීමක් සිදු වුවහොත්

අදාළ පුද්ගලයා විසින් දුෂේනිට කතා කොට පැය ගණන් ඉතා පහත් ලෙස බනිමින් රණ්ඩු විම දිගින් දිගට සිදු විය.
එවැනි අවස්ථා 30කට වැඩි වාර ගණනක් ඇය එක්වරම දර්ශන තලයෙන් පිටව ගිය බව නළුනිලයන්ට සේම තාක්ෂණ ශිල්පීන්ට ද රහසක් නොවේ. ඒ ඇයට තව දුරටත් වැඩ කිරීමට මානසිකත්වත්යක් නොමැති බව පවසමින්ය.
එසේ ගිය අවස්ථා කිහිපයකදී ම ඇය නැවත රූගත කිරීම්‍ සඳහා පැමිණියේ සති දෙක තුනකට පසුව ය.
ඇතැම් අවස්ථා වල නාලිකාවට episode ලබා දීමට නොහැකි වීම මත ඇයගේ කුරුණෑගල නිවසට ද ගොස් බැගෑපත් වී අපගේ වාහන වලින් ඇය රැගෙන ආ අවස්ථා බොහෝ ය.
ඒ කිසිවක් සිදු වූයේ අපගේවත්, අනෙකුත් ශිල්පීන්ගේවත් වරදින් නොව ඇගේ පෞද්ගලීක ප්‍රශ්න මතය.
තවත් බොහෝ දේ ලිවීමට තිබුන ද මා එය සටහන් නොකරන්නේ ඇය රංගන ශිල්පිණීයක් කිරීම සඳහා මුලික අඩිතාලම දැමු අධ්‍යක්ෂවරයා වශයෙන් ඇයව අපහසුතාවයට පත් කිරීමට පෞද්ගලිකව කිසිදු අවශ්‍යතාවයක් මට නොමැති බැවින් හා අප වැදගත් ලෙස මේ කේෂ්ත්‍රය තුළ රැඳී සිටින බැවින් ය.

එහෙත් ඇය FB තුළ දැමු අසනීපය මත දින දෙකක් ඉල්ලු බව කියන කතාන්දරය ඇසුරේ මේ සටහන නොතබා සිටින්නට නොහැකි විය. ඈ ඒ සඳහන් කරන දින උදෑසන දුරකථන ඇමතුමක් හරහා සිදු වූ ගැටුමක් මත ඇය උදෑසන 8.00 ට පැමිණ 12.45 ට පමණ පිටව ගියේ ගෙදරට ටිකක් ගිහින් එන්නම් බව කියා ය. ඒ නික්ම යාමට අද උදෑසන වන තෙක් ඇයව සම්‍බන්ධ කර ගැනීමට අපට නොහැකි විය. අවසන කිසිවක් කරන්නට නොහැකි තැන සහය අධ්‍යක්ෂක FB පණිවිඩයක පළ කළේ තවදුරටත් රූපගත කිරීම් කිරීමට නොහැකි වුවහොත් නාට්‍ය පෙන්වීමට නොහැකි වටාපිටාවක ය.
ඊට පෙර දුෂේනි අවස්ථා 31 ක දී ද අප අපහසුතාවයට පත් කල බව ඇයට අමතකව තිබීම කණගාටුවට කරුණකි.

හිතවත් දුෂේනී⁣ට කියන්නට ඇත්තේ ඔබේ හදවතට තටිටු කර සත්‍ය ව⁣ශයෙන්ම පසුගිය මාස කිහිපය තුළ සිදු වූ සිදුවීම්‍ සිදු වූයේ අපේ වැරදි මතද නැත්නම් ඔබෙි පෞද්ගලික ප්‍රශ්න මතද කියා අසා දැන ගන්නා ලෙසයි.

මායාවී නාට්‍යට ඔබ යෝජනා වන අවස්ථාවේ මගේ හිතවත් අධ්‍යක්ෂවරුන් ,නිෂ්පාදන කළමණාකරුවන් මට දිගින් දිගටම කතා කොට දුෂේනි ගන්නට නම් එපා කියා අවවාද කළේ ඇයත්‍, ඇගේ පෙම්‍වතාත් නිර්මාණ වලට දෙන වදය පහදා දෙමිනි.
එවැනි වටාපිටාවකත් මා දුෂේනිව සම්‍බන්ධ කර ගත්තේ ඇගේ පළමූ අධ්‍යක්ෂ වන මටවත්, මගේ නිර්මාණයටවත්, මහේෂ් රත්සර මහතාටවත් ඇය අසාධාරණයක් නොකරා වීය යන විශ්වාසයෙනි.
එත් ඒ විශ්වාසය ?? ඔබ බිඳ දැමුවේ කෙසේද කියා තවමත් මට සිතා ගැනිමට නොහැකිය.

ආදරණිය ප්‍රේක්ෂක ඔබට හිතෛෂී වෙනස් වීමෙන්‍ යම් අසාධාරණයක් සිදු වූවා නම්‍ මා හා මහේෂ් රත්සර මහතා, රංග ශිල්පීන් හා සියලු ශිල්පිනියන් වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමු.
සිදු වූ අතැම් කිව නොහැකි සිදුවීම් තවදුරටත් දරා⁣ ගැනීමට නොහැකි නිසයි ඇය ඉවත් කිරීමට සිදු වූයේ.
සැබැවින්ම එය ඉවත් කිරීමකට වඩා නාට්‍ය පවත්වාගෙන යාමට අපට ගත හැකිව තිබු අවසන් විසඳුමයි. ඒ තීරණය නොවන්නට මේ සතියේ සිටම මායාවී විකාශය වීම නතර වීමට ඉඩ තිබුණි. එමෙන්ම ඇයගේ අක්‍රමවත් වැඩ පිළිවෙළ නිසා අනෙකුත් රංගන ශිල්පින්ට සිදු වූ අපහසුතා කොතෙක්ද ?
ඔබ දර්ශන තලයට එනතෙක් ප්‍රවීණ රංගන ශිල්පීන් බලා සිටි වාර ගණන කොතරමිද ?
එමෙන් ම ඔබේ චර්යාව නිසා රංගන ශිල්පීන්, ශිල්පිනියන්ට සේම සාමාන්‍ය සේවකයින්ට ද වැටුප් අහිමි වූ දින ගණන දන්නවා ද ?
මෙම මායාවී කතාව ගොඩ නැඟු මහේෂ් රත්සර මද්දුමආරචිචි මහතාට
ඔබ නිසා පිටපත 13න් වතාවක් සංශේධනය කිරිමට සිදු වූ අතර ඔබ එනතෙක් අතුරු පිටපතක් ද රචනා කිරීමට ද ඔහුට සිදු විය. ඒ සඳහා සමස්ථ නාට්‍ය කණ්ඩායම සේම අදාළ අනෙකුත් පාර්ශවයන් ද සාක්ෂි දරනු ඇත. එමෙන්‍ම දු⁣ශේනිගේ අසත්‍ය පුවතින් කම්පා වූ මා ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ අවසන් කාලය තුළ ඇය වැඩ කල අනෙකුත් නිර්මාණයන් හි ශිල්පීන්ගෙන් ඇගේ හැසිරීම පිළිබඳ සොයා බලන ලෙසයි. ඒවිට ඔබට සත්‍ය ⁣සිදුවීම් තේරුම් ගැනීමට හැකි වනු ඇති බවට මම විශ්වාස කරමි.

සමාවන්න ආදරණිය ප්‍රේක්ෂකයනි ඔබට සිදු වූ අපහසුතාවයට.

එහෙත්
මහේෂ් රත්සර මහතා,
මා ඇතුලු සියලු ශිල්පීන් විශ්වාස කර අපගේ බලවත් ඉල්ලීම පිට හි⁣තෛෂි චරිතය බාර ගත් ජනප්‍රිය ශිල්පිනීය විසින් එම චරිතයට ඉහළ සාධාරණයක් කරමින් ඔබේ ආදරය දිනා ගන්නා බවට අප තුළ ප්‍රබල විශ්වාසයක් වෙයි.
එමෙන්ම අපගේ ඒ ඉල්ලිම මත ආදරණිය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හිතෛෂී චරිතය බාර ගත් එම ශිල්පිණියට අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරමි. එසේම මේ සියලු කරදර අභිමුව ද අප සමග උන් අපේ නළුනිලි කැලට ගෞරවයත්‍, ස්තූතියත් පුද කරමි.

මම
සඳුන් රාජකරැණා
මායාවී – අධ්‍යක්ෂ
සියලු ශිල්පීන් වෙනුවෙන්

පසු සටහන -:
දුෂේනි ඔබ සමග කිසිදු අමනාපයක් නොමැත
ඊයේ ඔබ සමග කල දුරකතන සංවාදයේදි පැවසු පරිදි ලක්ෂ 30කට වඩා පාඩු වුවද ඔබ වෙනුවෙන් එයද දරා ගැනිමට අප සුදානමි
නාට්‍ය තවදුරටත් ඔබ නිසා පවත්වාගෙන යාමට නොහැකි නිසයි මෙවැනි තිරණයකට එමට අපට සිදු වුවෙි
හැකි නමි අවසන් වර අප සමග කල විනාඩි 22ක දුරකතන සංවාදය ද සමාජ මාධ්‍යට මුදා හරින ලෙස කාරැණිකව ඉල්ලා සිටිනවා

– උපුටා ගැනීමක් –

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *