තරු ගොසිප්

පෙම්වතා එක්ක අවුරුද්ද සමරපු නිම්නාවී කියන මේ කතාව ඇහුවද ?

සිංහල අලුත් අවුරුද්ද ඇවිත්. හැමෝම ප්‍රීතියෙන්. ප්‍රීතිමත් බව තවත් වැඩිවෙන්නේ අපි කියන කරන දේවල්වලින්. මේ සිංහල අලුත් අවුරුද්ද අපේ කලා තරුවලටත් විශේෂයි කියලා හිතුන හින්දම එයාලා මොනවද කරන්නේ කියලා දැනගන්න හිතුවා. මේ නිසා කීපදෙනෙක් එක්ක කතා කළේ අවුරුදු සරුද, මොකද කරන්නේ කියලා අහන්න.

සිංහල අලුත් අවුරුද්ද කියන්නෙ මම වැඩිපුරම කැමැති කාලයක්. ඒ තෑගිබෝග, අවුරුදු කෑම ජාති ලැබීම සහ හමු නොවුණ යාළුවො, නෑදෑයො කාලෙකට පස්සෙ හමුවෙලා සතුටුසාමිචියෙ යෙදෙන්න පුළුවන් කාලයක් නිසා. ඒ වගේම මෙවර සිංහල අලුත් අවුරුද්ද මට ගොඩක් විශේෂයි. ඒ මගේ පෙම්වතා අයේෂ් එක්ක සිංහල අලුත් අවුරුද්ද සමරන්න ලැබීම. මගේ පෙම්වතා අයේෂ් විදේශ රටක රැකියාව කරන කෙනෙක්. මීට කලින් අවුරුදුවල ඔහු නැතුව තමයි මම අවරුදු සැමරුවේ. නමුත් මෙවර අයේෂ් අවුරුදු සමරන්න මාත් එක්ක ලංකාවෙ ඉන්නවා. ඒ තමයි අවුරුද්ද වෙනුවෙන් මම ලබපු විශේෂම තෑග්ග. ඉතින් අයේෂ් එක්ක සහ පවුලේ අය එක්ක සතුටින් අවුරුදු සමරන්න බලාපොරොත්තු වෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!