තරු ගොසිප්
කවුරුත් මග බලන් හිටපු ඒ ආරංචිය ආවා… තිරයේ පෙම්වතුන් ඇත්ත ජීවිතේ අතිනත ගන්නා ඒ සුබ මොහොත මෙන්න..

කවුරුත් දන්න විදියට විජයි සහ රෂ්මිකා කියන්නේ ඉන්දියානු සිනමාවේ ඉන්න “Most Wanted” පෙම්වතුන් යුවළක්.
හැබැයි මේ දෙන්නා අවුරුදු 8ක් තිස්සේම කිව්වේ “අපි දෙන්නා හොඳම යාළුවෝ විතරයි” කියලා. හැබැයි ඉතින් හොර රහසේ ගිය නිවාඩු ගමන්, එකම තැනක ගත්ත ෆොටෝ අහුවුණාම රසිකයන්ට ඕක රහසක් වුණේ නැහැ.
අන්තිමේදී පෙබරවාරි 23 වෙනිදා උදේ පාන්දරම මේ දෙන්නා ලෝකෙටම තමන්ගේ ආදරේ ප්‍රසිද්ධ කළා. ඒ විතරක් නෙවෙයි, මේ විවාහයට ඔවුන් අපූරු නමකුත් දාලා තියෙනවා.
මේ දෙන්නා තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් හරහා හරිම ලස්සන සටහනක් දාලා තිබුණා. ඒකේ සාරාංශය මෙහෙමයි.
“අපි දෙන්නා අපේ ජීවිතේ ගැන තීරණ ගන්න කලින්ම, ඔයාලා අපිට නමක් දුන්නා. ඒ තමයි ‘VIROSH’. ඒ නිසා අපේ මේ එකතු වීම ඔයාලට ගෞරවයක් විදියට ‘VIROSH ගේ විවාහ මංගල්‍යය’ විදියට නම් කරනවා.”
මෙයාලගේ රසිකයෝ තමයි Vijay ගේ “VI” සහ Rashmika ගේ “ROSH” එකතු කරලා මේ නම හදලා තිබුණේ.
ආරංචි විදියට මේ දැවැන්ත විවාහ උත්සවය පැවැත්වෙන්නේ රාජස්ථානයේ උදයපූර් (Udaipur) නගරයේ.ඒ 2026 පෙබරවාරි 26 වෙනිදා. මෙය හරිම පෞද්ගලික, සමීපතමයන් පිරිසක් මැද පැවැත්වෙන රාජකීය උත්සවයක් වෙයි කියලා තමයි පැවසෙන්නේ.
2018 දී Geetha Govindam සහ 2019 දී Dear Comrade චිත්‍රපට හරහා මේ දෙන්නාගේ රසායනය අපි දැක්කා. එදා ඉඳන් මේ දෙන්නා ඇත්ත ජීවිතේදීත් එකතු වෙනකම් රසිකයෝ මග බලාගෙන හිටියා. රෂ්මිකා මේ දිනවල හින්දි සිනමාවේ “Thamma” වැනි චිත්‍රපට හරහාත්, විජයි “Ranabaali” වැනි දැවැන්ත නිර්මාණ හරහාත් කාර්යබහුල වෙලා ඉන්න අතරතුරයි මේ සුබ ආරංචිය අරන් ආවේ.
අන්තර්ගතය – India Today



