Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Uncategorized

සීනි වෙනුවට ආදේශකයක් ?

 

සීනි කියන්නේ අද කාලයේ රෝග රැසකට මුල් ආහාරයක් .මේ නිසා දියවැඩියාව, තරබාරු කම ආදී රෝගයන් රැසක් හටගන්නා බව අප දන්නවා. ඉතින් පැණි රසට ආසා අයට සීනි වෙනුවට කිතුල් ඉතාමත්ම හොඳ ආදේශකයක් බව පෝෂණ විශේෂඥන් පවසනවා.

කිතුල් කියන්නේ එක්තරා ඖෂධයක්.
සීනි වල ග්ලයිසිමික් අගය 70 පමණ වෙනවා. නමුත් කිතුල් වල එම අගය 50 – 55 අතර වෙනවා. මේ අගය වැඩි ආහාර ඉක්මනින් ජීර්ණය වන අතර එය රුධිරගත ග්ලුකෝස් මට්ටම ඉහළ දමනවා. දියවැඩියාව, හෘද රෝග, තරබාරුකම වැනි දෑ ඇති වෙනවා.
කිතුල් නිරෝගී බවට හේතු වන ශාක රසායනිකවලින් phytochemical නම් රසායනයෙන් ඉතාමත්ම පොහොසත්. මේවා ආහාරයට ගැනීමෙන් අපව වයසට යාමද වළකිනවා.
කිතුල් වල ප්‍රතිඔක්සිකාරක ගුණයද ඉතාමත් ඉහළයි.
පිළිකා නැසීමට ඉවහල් වන විටමින් මෙන්ම ෆීනොලික් සංයෝගද බහුලව තිබේ.
ශරීරයට අතවශ්‍ය ඇමයිනෝ අම්ල, සින්ක්, මැන්ගනිස් වැනි පෝෂණ වලින්ද අනූනය.
ශරීරය සිසිල් වේ.
– ඉරේෂා –

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!