දේශීය පුවත්

කොළඹ බලය පිහිටුවන්න ස්වාධීන මන්ත්‍රීන් පැලවත්තට එයි. සාකච්ඡා සාර්ථකයි. සහය මාලිමාවට…

ජනාධිපති අනුර කුමාර දිසානායක හා කොළඹ මහ නගර සභාව සඳහා තේරීපත්ව සිටින කුඩා පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ (19) රාත්‍රි පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

ඒ අනුව, කුඩා පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින්, එම සාකච්ඡාව සඳහා 09 දෙනෙකු පමණ සහභාගී වී ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක සහ‍යෝගය රජයට ලබාදෙන බවට ප්‍රකාශ කර ඇති බවයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික සංවිධායකවරයා සඳහන් කළේ.

එම සාකච්ඡාවේදී සිය යෝජනා ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බවත්, එහිදී ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිවූ බවත්, සභාව පිහිටුවීම සඳහා සිය සහයෝගය ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!